ගමන් බෑගයක මළසිරුරක්


(මනෝප්‍රිය ගුණසේකර)

සීදුව දඬුගම් ඔය ආසන්නයේ අතහැර දමා ගොස් තිබු ගමන් මල්ලක් තුළ සඟවා තිබු මළ සිරක් සීදුව පොලිසිය සොයා ගෙන ඇත.

සීදුව පොලිසියට ලැබුණු තොරතුකට අනුව කළ විමර්ශනයකදී සංචාරක ගමන් මල්ලක් තුළ තිබියදී මෙම මළ සිරුර සොයා ගෙන ඇතැයි සඳහන් කළ පොලිසි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය එය පිරිමි පුද්ගලයකුට අයත් එකක් බවට සැක කරන්නේ යැයිද සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය පිළිබඳව හෝ අපරාධය කළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් කිසිඳු තෙරතුරක් නැතැයි සඳහන් කළ පොලිසිය අපරාධය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඊයේ (15) රාත්‍රීයේම විමර්ශන ආරම්භ කළ බවද සඳහන් කළේය.