ගනේමුල්ල සංජීව ඝාතනයට හවුල් වූ ඉෂාරාගේ මව හිරේදී මියයයි


(සුජිත් හේවාජුලිගේ)

පාතාල නායක ගනේ මුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ඉෂාරා සෙව්වන්ති  නමැති  සැකකාරියගේ  මව රිමාන්ඩ්  බන්ධනාගාරයේ සිටියදී හෘදයාබාධයකින් මියගොස් ඇතැයි වාර්තාවේ.

ඇයද එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබ සිටියාය.

ඉෂාරා  සෙව්වන්දී නමැත්තිය මෙම ඝාතනය සිදුවී මාස පහකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් අත් අඩංගුවට ගැනීමට හැකිවී නැත.