ගතවූ වසරේ විශ්‍රාම වැටුප් කෝටි 46 ක් වැඩිපුර ගෙවලා


(ජයන්ත සමරකෝන්)
 
ගතවූ වසර හතරක කාලය තුළ විශ්‍රාම වැටුප් මුදල් රුපියල් කෝටි 46 ක් වැඩිපුර ගෙවා ඇති බව 2018 වසරේ විගණකාධිපතිවරයාගේ වාර්ෂික විගණන වාර්තාව මගින් හෙළිකර ඇත.

ඒ අනුව රටපුරා විශ්‍රාම වැටුප් වැඩිපුර ගෙවීම් ගැන සෙවීමට සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාවලට විගණන පරීක්ෂණ කණ්ඩායම් යවා ඇතැයි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් ජගත් ඩයස් මහතා පැවසීය.

එම විගණන වාර්තාව අනුව 2018 වසර වන විට වැඩිපුර ගෙවා තිබු විශ්‍රාම වැටුප් මුදල රුපියල් මිලියන 551.94 කි.

ඒ අතරින් වසර 5කට අඩු කාලයක් තුළ වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් මිලියන 490.83 ක් වන අතර වසර 5-10 අතර වැඩිපුර ගෙවා ඇති මුදල් රුපියල් මිලියන 51.17 ක් බවද එහි සඳහන් වේ.