
( තිළිණි ද සිල්වා )
දෙසැම්බර් මාසයේ ගෙවී ගිය දින 20 ක කාලයක පමණක් සංචාරකයන් 47,120 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (22) පැවසීය .
මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සංචාරකයින් 152,109 මෙරටට පැමිණ ඇතැයිද අමාත්‍යවරයා කීවේය.
ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් මගින් ලබන වසර තුළ සංචාරකයන්ගේ පැමිණිම මීට වඩා ඉහළ නැංවිය හැකි බව ද ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේය.

