ගජමුතු සමඟ අයෙක් අත්අඩංගුවට


(අමදෝරු අමරජීව )

උප්පුවේලී පොලිස් වසමට අයත්  ලංගම ඩිපෝව අසලදී ජාවාරම්කරුවෙකු එනතෙක් ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (17) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීහු සමත් වූහ .

එම කඳවුරේ නිලධාරියකුට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ගජමුතු සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. අත් අඩංගුවට ගත් සැකකරු යාපනය, කයිට්ස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 අයෙකි .

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ගජමුතු සමග උප්පුවේලි පොලිසියට භාරදී තිබේ.