
(ජේ.කේ.එල් . චාමින්ද)
වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ පවුල් 862කට අයත් පුද්ගලයින් 3375 දෙනෙකු අවතැන්ව ඇති බව ගාල්ල කඩවත් සතර ප්‍රදේශිය ලේකම් හිමාලි රත්නවිර මහත්මිය සදහන් කළාය.
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 12කින් මෙම ආපදා තත්වය වාර්තාවන බවද ප්‍රාදේශිය ලේකම්වරිය සදහන් කළාය.
නිවාස 14ක් අර්ධ වශයෙන් හානිවි ඇති බව සදහන් කළ ප්‍රාදේශිය ලේකම්වරිය අකුණු ගැසිම් 12ක් වාර්තාවන බවද ඇය සදහන් කළාය. අකුණු සැරවැදිමෙන් නිවස 12කට පමණ හානි වි ඇති අතර ගල්වඩුගොඩ හා ඇත්තිලිගොඩ යන ප්‍රදේශවල අකුණු ගැසිම් වාර්තාවන බවද ප්‍රදේශිය ලේකම්වරිය සදහන් කළාය.
මිට අමතරව පස්කදු කඩා වැටිම් නිසා නිවාස 02කට හානි වි ඇති බවද ප්‍රාදේශිය ලේකම්වරිය පැවසුවාය.
දැනට ලැබි ඇති තොරතුරු අනුව මෙම සිද්ධින් වාර්තා වි ඇති අතර ග්‍රාම නිලධාරින් විසින් මේ වනවිට තොරතුරු එක්රැස්කරමින් පවතින බවද ප්‍රාදේශිය ලේකම්වරයි වැඩිදුරටත් සදහන් කළාය.


