ගං වතුරෙන් ගාල්ල යට වෙයි


 

(ජේ.කේ.එල් චාමින්ද සහ සුසිල් ප්‍රියන්ත )

 ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ ගාල්ල නගරයේ මාර්ග  රැසක් ජලයෙන් යටවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථාන පවසයි.
 
 ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයේ බෙලිගහ ,දංගෙදර ගාල්ල වක්වැල්ල ප්‍රධාන මාර්ගයේ  ගාල්ල නගරයට ප්‍රවේශවන ස්ථානය, කටුගොඩ, දෙවට, වැලිවත්ත, දංගෙදර  මිලිද්දුව පේදුරුවල යන ප්‍රදේශ වැසි ජලයෙන් යටවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. ඉමදුව  ප්‍රදේශයේ ඇළ මාර්ග පිටාර ගැලිම නිසා නිවාස කිහිපයක්ද යටවි ඇති බැව් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

 ගාලු කොටුවේ අධිකරණ පරිශ්‍ර භුමියද වැසි ජලයෙන් යටවි  තිබුණි.

ඡායාරූප- සුසිල් ප්‍රියන්ත 


( ඡායාරූප ලලිත් චාමින්ද )

(ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට )