ඛනිජ බලපත් වලංගු කාලය දීර්ඝ කරයි


(දිල්රුක්ෂි ග්‍රේරු)
 
භූ විද්‍යා  සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් නිකුත්  කළ මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ බලපත්‍රවල වලංගු කාලය අප්‍රේල් 30 වැනිදා තෙක් දීර්ෂකර තිබේ.

රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙනඇති අතර මේ පිළිබඳව ගැටලුවක් පවතී නම් අධ්‍යක්ෂ ඛනිජ හිමිකම්  077 574 8875  දුරකතන අංකය ඔස්සේ වැඩි දුර තොරතුරු දැනගැනීමට හැකියාවක් ඇතැයි  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා කීවේය.