(යොහාන් භාසුර)
ඛනිජ තෙල් වෘත්තිය සමිතිවල බොහෝ දෙනෙක් පසුගිය කාලයේ විශාල වරප්‍රසාද ගණනාවකට හිමිකම් කී බවත් ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නායකයන්ට එම ආයතනයෙන් නිල වාහන හතරක් වෙන්කර තිබූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම වාහන පසුගිය මස ලබාගැනීමට කටයුතු කළ අතරම ඔවුන්ට අසීමිතව ඉන්ධන කෝටාවක් වෙන්කර තිබූ බවත් ඇතැම් විට ඔවුන්ට ඒවා ප්‍රශ්න විය හැකි බව ද සඳහන් කළේය.

