(දයාසීලි ලියනගේ)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති තෙල් තොග ගබඩා සංකීර්ණයේ සේවකයන්ට මේ වසර සඳහා අතිකාල ගෙවීම කෝටි 180 ක මුදලක් වෙන් කර ඇති බව වාර්තා වේ.
මෙම ආයතන අතිකාල ගෙවීම සඳහා සෑම වසරක් පාසාම වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කර ඇත.
ඒ අනුව 2022 වර්ෂයේ දී කෝටිය 179ක් ද, 2021 දී කෝටි එකසිය හැට අටක් ද, 2020 වර්ෂයේ දී කෝටි 160ක් ද වෙන් කර තිබූ බව සංස්ථාව වාර්තා පෙන්වා දෙයි.

