කෝවිල් උත්සවයෙන් ඇස් ලෙඩ වූ 400කට ප්‍රතිකාර


(ප්‍රදීප් කුමාර)

යාපනේ බණ්ඩාර තරිප්පු ප්‍රදේශයේ ඉකුත් 20 දා පැවති කෝවිල් උත්සවයේදී ඇස් වල ඇති වු සංකුලතා හේතුවෙන් රෝහල් ගතා වු පිරිස අද වන විට 400 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව අධි ආලෝකයක්‌ සහිත විදුලි බුබුළු හා රතිඤ්ඤා අධික ලෙස දැලවීම හේතුවෙන් එම කෝවිලේ උත්සවයට සහභාගී වු වන්ගේ ඇස් වල දැවිල්ලක්‌ හා පෙනීමේ දුර්වලතාවයක් හට ගෙන තිබේ.

ඒ අනුව ඉකුත් 21 දා සිට එම කෝවිල් උත්සවයට සහභාගී වු පිරිස් යාපනය ශිකාශන රෝහලට හා තෙල්ලිප්පලේ රෝහලට ඇතුලතව තිබේ.

ඒ අනුව මේ වන විට 400 ට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබා ඇති බව යාපනය රෝහලේ වෛද්‍ය වරු සදහන් කරයි.

එම කෝවිල් උත්සවයට සහභාගී වී තමන්ට යම් සංකුලතා පවතින්නේ නම් වහාම රෝහල් ගත වන ලෙසත් රෝහලේ ඒ සදහා සියලු පහසුකම් සපයා ඇති බවත යාපනය රෝහලේ අධ්‍යක්ෂක ටී. වෛද්‍ය ටී. සත්‍යමුර්ති මහතා සදහන් කරයි.