(තුසිත කුමාර සහ සුමිත් පොතුපිටිය)
ජීවිතයේ පළමුවරට මසුන් මැරීම සදහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයකු හදිසියේ රෝගාතුර වී මියගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසයි.
වලතර ප්‍රදේශයේ පදිංචිව සිටී නුවන් දිනුක නමැති 21 හැවිරිදි විවාහකයකු මෙසේ මියගොස් ඇති බවත්, ඔහු පළමු වරට මෙසේ මුහුදු ගොස් ඇති බවත් පොලිසිය කීය.
ඔහු තවත් ධීවරයන් හය දෙනකු සමග මසුන් මැරීම සදහා බහුදින ධීවර යාත්‍රාවකින් පෙරදින මුහුදු ගොස් ඇති අතර මුහුදේ දී හදිසියේ වමනය කර ඇති බැවින් බහුදින ධීවර යාත්‍රාව නැවත හරවාගෙන පැමිණ ඇත.
පසුව ඔහුව බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් මියගොස් සිටී බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.