(සුනිල් ධර්මබන්දු ද සිල්වා)
කාලයක් තිස්සේ මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමක් කරගෙන ගිය ජාවාරම් කරුවකු කෝටියක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග මිදිගම පොලිස් වසමෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි
සැකකරු මිදිගම,පාතේගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි විවාහකයෙකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 25ක් තිබී ඇති අතර ප්ලාස්ටික් බටයක් තුළ දමා
පොලවේ වළලා තිබූ තවත් හෙරොයින් ග්‍රෑම් 300ක් තිබී ඇත.
ප්ලාස්ටික් බටය තුළ හෙරොයින් දමා තිබී ඇත්තේ ජලය ඇතුළට නොයන ලෙස එහි දෙපැත්ත පියන් දෙකකින් හොඳින් ආවරණය කරය.
සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවන් දෙදෙනෙකු විසින් ලබාදෙන හෙරොයින් විකිණීම හා මාතර දිසාව
පුරා බෙදාහැරීම සිදු කරණ බව හෙළිවී තිබේ.
සැකකරු මාතර පොලිසියට භාරදී ඇති අතර ඔහු කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මාතර පොලිසිය කටයුතු කරගෙන යයි