
(ඉන්දිකා රාමනායක,නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ භට කණ්ඩායමක් සිදුකළ වැටලීම් තුනකදී රුපියල් කෝටි හතරකට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව කේරළ ගංජා කිලෝ 262 ප්‍රමාණයක් තිබී ඇති අතර ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ද තිබී ඇත.
සැකකරුවන් මෙම කේරළ ගංජා මෝටර් රථයකින් සහ කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.
කිරිබත්ගොඩ,කැලණිය,කඩුවෙල යන ප්‍රදේශ වල දී ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.


