
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් රුපියල් කෝටි 100000 ක ණය මුදලක් ගැනීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (12) සම්මත විය.
මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබූවේ ලැබුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා විසිනි.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලද දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යෝජනාව ඉදිරිපත් කරන බව මධුර විතානගේ මහතා මෙහිදී දැනුම් දුන්නේය.
භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබා ලබා ගැනීම මෙතෙක් පැවතියේ රුපියල් කෝටි ලක්ෂ පහේ ( බිලියන පන්දහස) සීමාවේය.
නව යෝජනාව සමඟ එම සීමාව රුපියල් කෝටි හය ලක්ෂය දක්වා (බිලියන 6000) වැඩි කෙරෙනු ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේද මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේද අනුමැතිය පෙරේදා (11) හිමිවිය.
භාණ්ඩාගාර බැඳුම්කරවලින් අරමුදල් සපයා ගැනීමට වඩා මේ ආකාරයට කෙටිකාලීන ක්‍රමයට ණය මුදල් ගැනීමෙන් පොලී සඳහා ගෙවීමට සිදුවන මුදල අඩු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිවිය.

