කෝටි දෙකහමාරක හෙරොයින් සමඟ පාකිස්තානුවෙක් අත්අඩංගුවට


(ඉන්දිකා  රාමනායක)

රුපියල් කෝටි 2 /12 අධික වටිනා හෙරොයින් සමඟ පාකිස්තාන  ජාතිකයකු  කොල්ලුපිටියේ  හෝටලයකදි  පොලිස් විශේෂ කාර්ය බළකාය හා මත්ද්‍රව්‍ය  නාශක කාර්යාශය එක්ව  අද (11)  අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට  ගන්නා අවස්ථාවේ සැකකරු  සතුව හෙරොයින්   කිලෝ  2 යි ග්‍රෑම් 85 ප්‍රමාණයක්   තිබී ඇත.

සැකකරු මැණික් ව්‍යාපාරිකයකු වශයෙන් පෙනී සිටිමින්  මෙටට පැමිණ හොරොයින්  ජාවාරමේ නිරත වි ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ  සැකකරු සතුව මැණික්ගල් තොගයක් ද තිබී ඇත.