(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
උපයා ගත් ආකාරයක් හෙළි කිරීමට නොහැකි ලෙස මුදල් රැස්කර පර්චස් 8 දශම 67 වපසරියකින් යුත් ඉඩමක රුපියල් කෝටි 3 1/2 ක දල වටිනාකමක් තිබෙන දෙමහල් සුඛෝභෝගී නිවසක් ඉදිකරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අඩි 15 ක් උසැති තාප්පයකින් වට කරන ලද එම සුවිසල් නිවස ඇතුළු දේපළ ද තහනමට ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.
සැමියාට හෝ බිරිඳට නිසි රැකියාවක් නොමැතිව කිසියම් නීති විරෝධී කටයුත්තක නිරත වෙමින් බෝකුන්දර පාසල් මාවතේ සුඛෝ භෝගී දෙමහල් නිවසක් ඉදිකරමින් පවතින බව නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට 2023 වසරේ ලද රහසිගත තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාරිය විදේශ ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනුගාමිකයන් ලබා දෙන මත්ද්‍රව්‍ය කිරුලපන සහ වැල්ලවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ජාවාරම සිදු කරන බවට විමර්ශනවලදී හෙළිවීමෙන් අනතුරුව 2024 වසරේදී සැකකාරියට විරුද්ධව විදේශ ගමන් තහනමක් ලබාගත් බවද පොලිසිය කියයි.