(දිල්රුක්ෂි ග්‍රේරු)
මිනිස් පාරිභෝජනය සඳහා නුසුදුසු, කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් කල් ඉකුත් වු ලොකු රටකජු තොගයක් පැලියගොඩදි පොලිස් බාරයට ගෙන තිබේ.
මිනිස් පාරිභෝජනයට නුසුදුසු වුවද මෙම ලොකු රටකජු තොගය බෙදාහැරිමට සුදානම් කරමින් අසුරමින් සිටි බව පොලිසිය කියයි.
එහි තිබී කල් ඉකුත් වු ග්‍රෑම් 18 ප්‍රමාණයේ ලොකු රටකජු පැකට් 118,080 ක් විවෘත කර නැවත අලෙවිය සදහා සුදානම් කළ ග්‍රෑම් 200 පැකට් 500ක් කිලෝ තුනේ ප්‍රමාණයේ පැකට් 676ක් සහ හිස් පැකට්ද තොගයක් සමග ලොරිය පොලිස් බාරයට ගෙන ඇත.
ලොරිය තුළ තිබී හමු වු මෙව ලොකු රටකජු තොගයට අමතරව එහි ගබඩාවක තිබී කල් ඉකුත් වු ග්‍රෑම් 18 ලොකු රටකජු පැකට් 826,497 ද ග්‍රෑම් 45 ප්‍රමාණයේ පැකට් 6043 ක් ද සොයා ගත් බව පොලිසිය සදහන් කරයි.
මෙම සියල්ලට මුද්‍රා තබා ඇති අතර පාරිභෝගික අධිකාරිය මගින් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නියමිත බවද පොලිසිය සදහන් කරයි

