කෝටි 9ක කේරළ ගංජා සමඟ 3ක් මාට්ටු


(ඉන්දිකා රාමනායක )

යාපනය ඩෙල්ෆ් දූපතට බටහිර දෙසින් වූ මුහුදු සීමාවේ නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී,  ඩිංගි යාත්‍රාවකින් රැගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 283 ක්  සමඟ සැකකරුවන් තිදෙනෙකු  අත්අඩංගුවට  ගත් බව නාවික හමුදාව පවසයි.

මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි 9 ට  අධික බව නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සීජී 402 මුර යාත්‍රාව යොදවා ඊයේ ( 04 )  කාලයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මෙම  සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නවතා පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.

එම ඩිංගි යාත්‍රාව තුල උර හයක (06) පාර්සල් 76 ක් වශයෙන්  අසුරන ලද කේරළ ගංජා කිලෝ 283 ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් තිබූ බව නාවික හමුදාව පවසයි.

 අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 93 කට අධික බව නාවික හමුදාව පවසයි. සැකකරුවන් තිදෙනා  වයස අවුරුදු 19 ත් 51 ත් අතර වයසේ පසුවන මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් ඇත.

සැකකරුවන්, සහ  කේරළ ගංජා විමර්ශන  කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසිය බාර දී ඇත.