
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටි අටක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමග විශ්‍රාමික ගුවන් හමුදා ෆලයිට් සාජන්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්‍ෂ (බුද්ධි/විශේෂ මෙහෙයුම්) පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය ii හි උප ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.කේ. කග්ගොඩ ආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දින දොම්පේ පොලිස් වසමේ නාගහදෙණිය, පාළුගම, දොම්පේ ස්ථානයේ දී මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මහා පරීමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරවෙකු වන හා මෙරට තුල විවිධ ප්‍රදේශයන් වලට මත්ද්‍රව්‍ය බෙදා හරිමින් දැනට අධිකරණය මගහැර වරෙන්තු ලබා මෙරට සැගව සිටින සෙම්බුකුට්ටි ආරච්චිගේ ඩිලාන් දනුෂ්ක ලක්මාල් නැමැත්තාගේ මස්සිනා බව පොලිසිය සඳහන් කරයි

