
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
රුපියල් කෝටි 500 අධික වටිනා අයිස් මත්ද්‍රවය තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබා දුන් ඔත්තුකරු ඝාතනය කිරීම සඳහා සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යොදාගෙන තිබූ පොලිස් ජීප් රථයට සමාන ජීප් රථය මාස 09 කට පමණ පසු පොලිස් භාරයට ගත් බව පානදුර වළාන මධ්‍යම දූෂණ මර්ධණ ප්‍රහාරක ඒකකය කියයි.
ඔත්තුකරු කිරින්ද ධීවර වරාය වෙත ගමන් කරන අවස්ථාවේදී එම ජීප් රථයෙන් ඔහු අනතුරට ලක් කර ඝාතනය කිරීමට යොදාගත් ජීප් රථය බව පොලිසිය සඳහන් කරයි.
ඔත්තුකරු එයින් මිදීමට තැත් කිරීමේදී තුවාල ලබා මේ වන විට පොලිස් ආරක්‍ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
2025 වර්ෂයේ නොවැම්බර් මස 29 වැනිදින කිරින්ද මුහුදුබඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රවය කිලෝ 325 ක් එම අයිස් මත්ද්‍රවය ප්‍රවාහනයට සූදානම් කර තිබූ වාහන හයක් සමග සැකකරුවන් අට දෙනකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර ඒකකයේ අධ්‍යක්ෂක රොහාන් ඕලුගල මහතාට ලබා දුන් දැනුම් දීමකට අනුව අත්අඩංගුවට ගැනීමට හැකි විය.

