
(යොහාන් භාසුර)
රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 885 ක තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් පේසාලේ ප්‍රදේශයේදී තලේමන්නාරම පොලිසිය අද (28) අත්අඩංගුවට ගත් බව මන්නාරම කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
පොලිසියට ලද තොරතුරකට අනුව පේසාලේ හෙබි පීඕපී වීදියේ නිවසක් පරීක්‍ෂා කිරීමේදී එහි කාමරයක සඟවා තිබූ මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව කී එම උසස් පොලිස් නිලධාරියා එහිදී 27 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට පත්වූ බව ද සඳහන් කළේය.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් වැඩිදුර විමර්ශන සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ගැනීමට නියමිත බව ද එම නිලධාරියා කීය.
තලේමන්නාරම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. බී. එම්. සිරිල් මහතා සහ පොලිස් සැරයන් රණසිංහ (53398), පොලිස් කොස්තාපල්වරුන් වන සමන් (40681), කොඩිතුවක්කු (70328), බණ්ඩාර (54434), සංජීව (99568) සහ ශිවානන්දන් (93774) යන නිලධාරීන් ඇතුළු කණ්ඩායම මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය.
මන්නාරම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාගහවත්ත සහ මන්නාර පොලිස් අධිකාරී විදානගේ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් සිද්ධිය පිළිබඳ වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක වේ.

