කෝටි 33ක දුම්වැටි සමඟ 5ක් අල්ලයි


(කේ. බුද්ධික කුමාරසිරි)

වෙළදපොල වටිනාකම රුපියල් කෝටි 33 ක් පමණ වටිනා තීරු බදු නොගෙවූ විදේශීය දුම්වැටි තොගයක්  සමගින් සැකකරුවන් පස් දෙනෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ උපාය දූතයෙකු  යොදවා ආනයනික දුම්වැටි ලක්ෂයක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී  පලමුවෙන්ම සැකකරුවන් තිදෙනෙකු සමඟ අත් අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ තොරතුරු මත තවත් නිති විරෝධී දුම්වැටි විසි දහසක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගැනීමට හැකි වී ඇති අතර එහිදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයේ නිරත පුද්ගලයින් තිදෙනෙකු ද සිටින බව එම ඒකකය පවසයි.

මෙම ආනයනික දුම්වැටි තොගය වරායෙන් සොරොන් පිට කරන්නට හැකි බව ලද තොරතුරු අනුව සැක කරන බවද එම ඒකකය පවසයි. අත් අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා සහ  දුම්වැටි තොගය සුරාබදු කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ .