(රොමේෂ් මධුෂංඛ)
රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 283 ක් උතුරු මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාව සොයාගෙන ඇත.
යාපනය නගර්කෝවිල් මුහුදට ඕබබෙන් වූ මුහුදු තීරයේදී උතුරු නාවික විධානයට අයත් නාවිකයන් මුර සංචාරයක නිරත වෙමින් සිටියදී ගංජා තොගය අඩංගු පාර්සල් කිහිපයක් මුහුදේ පාවෙමින් තිබී හමුවී ඇත.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනෙන්නට ඇතැයි සැකකරන මෙම කේරළ ගංජා තොගය නාවික හමුදාව කරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් නිරීක්ෂණය ජාවාරම්කරුවන් මුහුදට දමා පලා යන්නට ඇති බවට හමුදාව පවසයි.
සොයාගත් කේරළ ගංජා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය පොලිස් විෂමත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙතට භාර දීමට නාවික හමුදාව පියවර ගත්තේය.



