කෝටි 200 කුඩු වරායට ගෙන එයි


(ඉන්දිකා රාමනායක)

ශ්‍රි ලංකාවට දකුණ දෙසින් වු මුහුදු සීමාවේ දී රුපියල් කෝටි 200 ට ආසන්න වටිනා හොරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව සහ ධීවරයන් හය හයදෙනා අද (18) පස්වරුවේ කොළඹ වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව කියයි.

ශ්‍රි ලංකාවට දකුණ දෙසින් වු කිලෝ මීටර් 760 ක දුරින් වු මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය හා නාවික හමුදාව එක්ව ඉකුත් 12 දින  මෙම මෙහෙයුම සිදුකර සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුමේ දී හොරොයින් කිලෝ 99 ක හා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 8 ක ප්‍රමාණයක් තිබු බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

හොරොයින් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව හලාවත ප්‍රදේශයේ යාත්‍රාවක් බවත්, එහි සිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් බව බවද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.