කෝටි 16 ක මත්ද්‍රව්‍ය වරායේදී අල්ලයි


(යොහාන් භාසුර)

ඩුබායි සිට මෙරටට ආනයනය කළ බහාලුමක සූක්ෂ්ම ලෙස සඟවා හොර රහසේ රට තුළට ගෙන ඒමට උත්සහ කළ ‘ෂිෂා’ යන්ත්‍ර සඳහා භාවිතා කරන නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8000 අධික තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය සමත් වූ බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 16 කට අධික බවත් එම මත්ද්‍රව්‍ය තොගය ග්‍රෑම් 50 යේ පැකට් 160,200 ක් ලෙස ගබඩා කර තිබූ බවත්  ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර නාමයක් ව්‍යාජ ලෙස භාවිත කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය ආනයන කර තිබූ බව ද රේගුව කීය.

ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ යූ. කේ. අසෝක රංජිත් මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ චාන්දනී සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් පරිදි මෙම වැටලීම ක්‍රියාත්මක කළ බව ද රේගුව වැඩි දුරටත් පැවසීය.