කොළඹට පැය 18ක ජල කප්පාදුවක්


(ආරියරත්න  රණබහු )

කොළඹ ප්‍රදේශ කීහිපයකටකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි

එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි අද (29) දහවල් 12ට එය ආරම්භ කළ අතර හෙට උදෑසන හයදක්වා  කොළඹ 12,  13  14  සහ 15 යන ප්‍රදේශවලට එය බල පැවැත්වේ.

අඹ තලේ  සිට එළි හවුස් දක්වා ජලය සපයන සම්ප්‍රේක්ෂන  නාලයක සිදු කරන හදිසි හා අත්‍යවශ්‍ය අළුත් වැඩියාවක් හේතුවෙන් මෙම කප්පාදුව සිදුකරන බව එම නිවේදනයේ දක්වා ඇත.