
(යොහාන් භාසුර)
ඉහළ යන ජීවන වියදමට සහ විදුලි ගාස්තුවට විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවෝ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (9) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ.
‘විදුලි ඉන්ධන ගෑස් ඇතුළු භාණ්ඩ මිල පහත දමනු’, දුන් පොරොන්දු කෝ, වැටුප් ගැටලු වාහා විසඳනු’ සහ ‘ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත නොතබනු’ ආදි සටහන් කළ පුවරු රැගෙන එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවෝ විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



