
(ඩී.ජී.සුගතපාල)
කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දීමට විරෝධය පළ කරමින් කොළඹ වරාය සේවකයින් ගෙන යන වෘත්තිය සටනට සහාය පළ කරමින් ගාල්ල වරායේ වෘත්තිය සමිති එකමුතුව අද (29) උද්ඝෝෂණයක් පැවැත්වීය.
දහවල් කෑම පැයේදි වරායෙන් පිටතට පැමිණි සේවක පිරිස කොළඹ-මාතර ප්‍රධාන මාර්ගයේ වරාය පිවිසුම් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණහ.
මෙහිදි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ගාලු ශාඛාවේ ලේකම් සිසිර සමන් කිර්ති, නිදහස් සේවක සංගමයේ ලේකම් මහේෂ් කහඳගමගේ, නිදහස් සේවක සංගමයේ සංවිධායක ගයාන් මොහොට්ටි යන මහත්වරුන් අදහස් දැක්වු අතර ඔවුන් කියාසිටියේ නැගෙනහිර ජැටිය ආරක්ෂා කරගැනීම සඳහා කොළඹ වරාය සේයකයින් සමග දිවි හිමියෙන් සටන් වදින බවය.
රජය සිදුකිරීමට යන මෙම ජාතික අපරාධයට විරෝධය පළකිරීම සඳහා සෑම නිවසකම කලු කොඩියක් ඔසවන ලෙසද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

