කොළඹ පාසල් අසූ පහකට ක්‍රීඩා භාණ්ඩ


(අංජුල මහික වීරරත්න)

කොළඹ දිස්ත්‍රික්කයේ තොරාගත් පාසල් 85කට ජනාධිපති කාර්යාලයේ දී  ක්‍රිකට් භාණ්ඩ බෙදා දුන්නේය.

යූත් විෂන් 2048 සංවිධානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කල EMPOWERING YOUTH වැඩසටහන යටතේ මෙම උපකරණ බෙදාදීම සිදු කෙරිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක සාගල රත්නායක, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.