කොළඹ නගර සභාවට කෝටි 400ක බදු පොලු තියලා




(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන්   රුපියල් කෝටි 400කට අධික වරිපනම් බදු එකතු කරගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී( කෝපා ) තොරතුරු අනාවරණය වී ඇත

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් එම කමිටුව හමුවට පසුගියදා කැඳ වූ අවස්ථාවේදීය.

කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම්  මහතා පැවසුවේ  බදු එකතු කිරීම විධිමත් කරන ලෙසට ඉල්ලීමක් කරන බවයි.