
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වර්ණ සංඥා කුළුණු ආසන්නයේ අධි සංවේදී කැමරා සවිකිරීමට පොලීසිය තීරණය කර ඇත.
පළමු අදියරේදී කොළඹ රථවාහන තදබදය අධිකව පවතින ස්ථාන 05ක එම කැමරා සවි කරන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .පී ජේ සේනාධිර මහතා පැවසීය.
පවතින වර්ණ සංඥා පුවරු යාවත්කාලීන කිරීමටද පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.

