(රංජන් කස්තුරි)
ලංකාව පුරා මේ වනවිට ආඝාත රෝගීන් ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.
කොළඹ නගරයේ ජනගහනයෙන් සෑම 1000කටම 9දෙනෙකු ආඝාත රෝගීන් බවද එම වාර්තාවල දැක්වේ.
බෝ නොවන රෝගයක් වන ආඝාතව ලොව පුරා මරණවලට හේතුවෙන තුන්වන ප්‍රබලතම රෝගය ද වේ.
සෑම පුද්ගලයන් 6දෙනෙකුගෙන් එක් අයකුට එක් වතාවක් හෝ ආඝාත තත්වය ඇති විය හැකි බවද කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර මගින් රෝගය වළක්වා ගත හැකි බවද වෛද්‍යවරු පවසති.

