කොළඹ එන්න ඇති පදම් බස්


(ජේ.කේ.එල්.චාමින්ද)

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පැමිණි දකුණු පළාතේ ජනතාවට ආපසු අගනගරය බලායාම සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් අද (15) පෙරවරුවේ සිට පැවතියේය.

තදබදයකින් තොරව මගීන්ට ගමන් පහසුව සලසා ගැනීමට එමගින් අවස්ථාව උදාවි තිබුණි.

දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වන බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වූ අතර ගාල්ල දුම්රිය ස්ථානයේ සිට ධාවනය වන දුම්රියද සාමාන්‍ය පරිදි ධාවනය කෙරුණු අතර මගින් අතර තදබදයක් නොපැවතුණි.

මීට අමතරව ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට කොළඹ බලා ධාවනය වන බස් රථද ප්‍රමාණවත් පරිදි ධාවනය සදහා යොදවා තිබුණි.

කෙසේ වුවද අවුරුදු නිවාඩුවත් සමග නෑදෑ ගමන්බිමන් යාම මෙන්ම විනෝද චාරිකා වැනි කටයුතු වලට ජනතාව යොමු වීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කාර්ය බහුලතාවයක් දක්නට ලැබුණි.