(යොහාන් භාසුර)
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල වටිනාකම 2023 වසරේ පළමු භාගයේදී සියයට 15.2 ක වාර්ෂික වර්ධනයක් සහිතව ඉඩම් තක්සේරු දර්ශකාංක 215.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
නේවාසික, වාණිජ සහ කාර්මික යන අනුදර්ශක තුනේ ඉහළ යාම සියයට 17.2, 15.1 සහ 13.5 ක් බවත් එය සමස්ත ඉඩම් තක්සේරු දර්ශකයෙහි ඉහළ යාම සඳහා හේතුව බවත් මහ බැංකුව කියයි.
අර්ධ වාර්ෂික පදනමින්, 2022 වසරේ දෙවැනි භාගයට සාපේක්ෂව 2023 පළමු භාගය තුළ ඉඩම් තක්සේරු දර්ශකය සියයට 4.9 කින් ඉහළ ගොස් ඇති බවත් මෙම වැඩිවීම සඳහා ඉහළම දායකත්වය නේවාසික ඉඩම් තක්සේරු අනු දර්ශකයෙන් දී ඇති බවත් මහ බැංකුව සඳහන් කරයි.

