කොළඹ අසරණ සරණ සමිතියට නව කෘත්‍රීම පාද කර්මාන්ත ශාලාවක්


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ පැරණිතම සමාජ සේවා ආයතනයක් වන කොළඹ අසරණ සරණ සමිතිය යටතේ ක්‍රියාත්මක කෘත්‍රීම පාද නිෂ්පාදන ආයතනයේ නව කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වෝල්ෂ් මහතා අද (3) පෙරවරුවේ විවෘත කළේය.

කොළඹ 2, පිහිටි එම නව කර්මාන්ත ශාලාවට අවශ්‍ය යන්ත්‍ර උපකරණ මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය අනුග්‍රහය දැක්වීය.

මෙම ආයතනය වසර ගණනාවක සිට අඩු ආදායම් ලාභීන් නොමිලයේ සහ සෙසු අයට ඉතාම සහන මුදලකට කෘත්‍රීම පාද සැපයීමේ නිරතව සිටියි.  

එම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්  කාර්යාලයේ දෙවැනි ලේකම් සහ දේශපාලන අංශ ප්‍රධානී වැලරි මෙනවිය ද සහභාගි වූවාය.    

වසර 190 ක ඉතිසාහයකට හිමිකම් කියන කොළඹ අසරණ සරණ සමිතිය ස්වෙච්ඡා අධ්‍යක්‍ෂ මණ්ඩලයකින් පාලනය වන අතර එහි සභාපතිවරයා ලෙස ක්‍රිෂාන් ජයවර්ධන, උප සභාපතිවරයා ලෙස මහාචාර්ය ෂෙරිෆ් ඩීන්, ලේකම්වරයා ලෙස වෛද්‍ය රංජන් ඩයස් සහ පරිපාලන ලේකම්වරයා ලෙස සරත් කුමාර යන මහත්වරු කටයුතු කරති. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)