කොළඹ - හොරණ පාරේ ගමනාගමනය දින 60ක් සීමා කරයි


(යොහාන් භාසුර)

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් මේ මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා මාස දෙකක කාලයක් සඳහා කොළඹ - හොරණ මාර්ගයේ වාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසයි.

එම කාලය තුළ කොළඹ - හොරණ මාර්ගයේ කොහුවල හංදියෙන් පොදු ප්‍රවාහන සේවාවලට හැර සෙසු වාහන ධාවනය සීමා කරන බවත් සෙසු වාහන රියදුරන් විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් කියයි.