
(ප්‍රසාද් රුක්මල් සහ ශාන්ත චන්ද්‍රසිරි)
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරන සීග්‍රගාමි දුම්රිය අද (3) පස්වරුවේ කොටගල - හැටන් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පීළිපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
මෙම දුම්රියේ නැරඹුම් මැදිරිය සහිත මැදිරිය ක් මෙසේ පිළීපැනිමට ලක් වී ඇති අතර, මින් දුම්රිය මාර්ගයට ද අලාභහානි වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය.
මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති අතර ,එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.
(ජායාරූප: ප්‍රසාද් රුක්මල්)


