
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයට අද (4) පස්වරුවේ පෙරලීයාමෙන් එක් අයෙක් තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කල බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .
මෝටර් රථය දුම්රිය මාර්ගයට පෙරලීයාමෙන් දුම්රිය ධාවනයටද බාධා සිදුව ඇතයි පොලිසිය කීය .
බණ්ඩාරවෙල සිට හපුතලේ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් රියදුරුට නින්ද යාම නිසාවෙන් බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී එක් වරම මාර්ගයෙන් ඉවතට පැන උඩරට දුම්රිය මාර්ගයට පෙරලීගොස් ඇති බවත් පොලිසිය පැවසිය.
මෝටර් රථය දුම්රිය මාර්ගයයට පෙරලීයාමට මොහොතකට පෙර කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1005 දරන පොඩිමැණිකේ දුම්රිය එම ස්ථානය පසුකිරිම නිසාවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකී ගිය බව පොලිසිය සදහන් කලේය .
බණ්ඩාරවෙල ඔත්තකඩේ ප්‍රදේශයේ පුද්ගලයකු මෙසේ තුවාල ලබා ඇති අතර මෝටර් රථය විනාශ වී ගොස් තිබේ.
බණ්ඩාරවෙල පොලිසිය වැඩ්දුර පරීක්ෂණ පවත්වති .


