
(ඉන්දිකා රාමනායක)
මෝටර් රථයක් සමග පිළිස්සී මියගොස් සිටි ව්‍යාපාරිකයකුගේ සිරුරක් කොහුවල පොලිසිය මගින් සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කොහුවල භාතිය මාවතේ පදිංචි තිස්තුන් හැවිරදි ව්‍යාපාරිකයකු බව ද පොලිසිය කියයි.
මොහු පෙරේදා රාත්‍රියේ කිසියම් ස්ථානයකින් ආහාර ලබා ගෙන මෝටර් රථයෙන් ගමන් කරන අතරතුර ඔහුගේ මෝටර් රථය ගිනිගෙන ව්‍යාපාරිකයා ද එම රථය තුළ පිලිස්සී මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වෙන අතර රජයේ රස පරීක්ෂකවරයා ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.
ඡායාරූප එච්.එම්.ධර්මපාල



