කොස්තාපල්ට පිහියෙන් ඇන්න සැකකරු අල්ලයි


( බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කිරුළපන නාගස්වත්ත පාරෙදි පොලිස් කොස්තාපල්වරයෙකුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර පලාගිය සැකකරු මුගලන් පාරේ ඉදිකරමින් පවතින නිවෙසක් තුළ සැඟව සිටියදී  ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි

තුවාල ලද කොස්තාපල් 70225 කපිල නිලධාරියා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු එල්ල කළ පිහි පහරින් කොස්තාපල්වරයාගේ වම් අතේ මැණික් කටුවට මෙන්ම උර බාහුවට හා පපු පෙදෙසට තුවාල සිදුවී ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

සැකකරු අත්අඩංගුවට ගෙන අත් විලංගු දැමීමට සූදානම් වනවාත් සමග  සඟවාගෙන සිටි කුඩා උල් පිහියකින් එකවරම කොස්තාපල්වරයාට පහර එල්ලකර පළා ගිය බව පොලිසිය කියයි.

සෝදිසි මෙහෙයුමේදී පලාගිය සැකකරු ඉදිකරමින් පවතින නිවෙසක් තුළ සැඟව සිටියදි සොයාගෙන ඇත.