කොස්ගහ පාසල් දරුවන් අටක් රෝහලට යවයි


(චමින්ද වැවතැන්න)

කෑගල්ල ඇකිරියගල කණිෂ්ඨ විද්‍යාලය භූමියේ තිබුණු කොස් ගසක් සුළගට ඉදිරි ගොඩනැගිල්ලක් මතට වැටීමෙන් දරුවන් අට දෙනකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.

පංති කාමර ගොඩනැගිල්ලට වැටී ඇති කොස් ගස වහලයේ සෙවිලි කර තිබුණු උළු කැට බිදි එහි කැබලි 4 පංතියේ ඉගනුම ලබමින් සිටි දරුවන්ගේ හිස මතට වැටී ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව තුවාල ලද දරුවන් අට දෙනකු ත්‍රීරෝද රථ මගින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ශිෂ්‍යයන් හත් දෙනකු හා එක් ශිෂ්‍යයාවක තුවාල ලබා සිටි බව පොලිසිය පැවසීය.