
(කේ. බුද්ධික කුමාරසිරි)
කොස්ගම බොරළුගොඩ දී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම වෙඩික්කරු සහ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හෝමගම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
කොස්ගම පොලිස් වසමේ බොරළුගොඩ ප්‍රදේශයේදී ඉකුත් 03 වන දින පස්වරුවේදී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමෙන් වැලිකන්න, වග ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු තුවාල ලැබූ අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කොස්ගම පොලිස් ස්ථානය සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කරන ලදී.
හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න නිලධාරියාට ලද තොරතුරක් මත හංවැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ ද සහාය ඇතිව ඊයේ (09) දින හංවැල්ල, තුම්මෝදර ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී මෙම අපරාධයට සම්බන්ධ වෙඩික්කරු, යතුරු පැදියෙහි පැදිකරු සහ අපරාධය සඳහා ආධාර අනුබල දුන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

