කොවිඩ් සුව වූ පසු ඇතැමුන්ට මානසික ආතතිය


(ඩයනා උදයංගනී)

කොවිඩ් වැළඳී සුවවන ඇතැමුන්ට මානසික ආතතිය ඇතිවන බව අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂංඥ සජීවන අමරසිංහ මහතා පැවසීය.

රෝගය සුවවූ පසුත් ඇතිවන හුස්ම ගැනීමේ, කතාකිරීමේ, ඇවිදීමේ ආදී අපහසුතා සමඟ ඇතිවනබිය මෙම තත්වයට හේතු වන බව වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් ඇතැමුන්ට විශාදය වැනි තත්වයන් ද ඇතිවන බව කී වෛද්‍යවරයා එවැනි අයට 1926 අංකය අමතා හෝ රජයේ රෝහල්වල මානසික සෞඛ්‍ය සායනවලින් අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බව ද කීවේය.   

නිවෙස්වල සිටින දරුවන්ට පවා මෙම තත්වය ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.