
(නිමන්ති රණසිංහ)
කොවිඩ් ආශ‍්‍රිත මරණ වාර්තා කිරීමේදී මින් ඉදිරියට නවතම ක‍්‍රමවේදයක් අනුගමනය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව, පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලුම මරණ අදාළ දිනයේ දීම වාර්තා කිරීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේය.
කොවිඞ් මරණ සම්බන්ධයෙන් මින් ඉහතකදී වාර්තා කළ ‘පසුගිය දිනවල සිදුවූ මරණ’ මෙම නව ක‍්‍රමවේදය යටතේ වාර්තා නොකරන බවද හෙතෙම පැවසීය.
මින් ඉහතදී දෛනිකව මරණ වාර්තා කරනු ලැබුවේ පසුගිය දිනවල මරණ ඇතුළුව සමස්ථ මරණ සංඛ්‍යාව වශයෙන් වන අතර, මෙම නවතම ක‍්‍රවේදය පැය 48ක් තුළ සිදුවන මරණ පමණක් අදාළ දිනයේදී නිල වශයෙන් ලබා දෙන බව ඔහු සදහන් කළේය.
ඒ අනුව, පැය 48ත් පැය 24ත් තුළ සිදුවෙන සියලූම මරණ අදාළ දිනයේදී නිල වශයෙන් ලබා දිමට කටයුතු කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

