කොවිඩ් මරණ 93ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 93 දෙනකු ඊයේ (19) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 12,218 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 68 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 24 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු  අයෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 45 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 48 දෙනෙක් වෙති