(ඩයනා උදයංගනී)
කොවිඩ් මර්දනය සඳහා මෙරට භාවිතා කරන එන්නත් සියල්ල එක සමාන ආරක්ෂාවක් හා ඵලදායීතාවයක් ලබා දෙන බව විශ්වාස කරන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
ඒ අතරින් ෆයිසර් එන්නත හෝ වෙනත් එන්නතක් වඩා හොඳයැයි ප්‍රකාශ කළ නොහැකි බව කී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වඩා හොඳ එන්නත් කියා වර්ග කළ එන්නත් තිබේ නම් සෙසු ඒවා ජනතාවට ලබාදීම ආචාර ධර්මවලට පටහැනි බව ද සඳහන් කළේය.
ඔහු මේ බව සදහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සෑම එන්නතක්ම ජනතාවට ලබාදීම සිදුවන්නේ විද්වත් කමිටුවක නිර්දේශ මත බව කී හේරත් මහතා වැඩි ඵලදායීතාවක් ලැබෙන පරිදි ඒවා දිය යුතු ප්‍රදේශ හා වයස් කාණ්ඩ තීරණය කරන්නේ ද එම කමිටුවෙන් බව පැවසීය.
මෙරට ස්පුට්නික් වී පළමු මාත්‍රාව ලබාගත් ජනතාවට දෙවන් මාත්‍රාව ලබාදීම එන්නත් ලැබුණු වහාම සිදුකරන බව ද හේමන්ත හේරත් මහතා කීවේය.
මෙහි එක් මාත්‍රාවකින් වුවද අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලැබෙන බව එය ලබාදුන් මොහොතේ ජනතාව දැනුවත් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

