
(නිමන්ති රණසිංහ)
කොවිඩ් ආසාදිත බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා පළමුවරට “කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්” කොළඹ විජේරාම මාවතේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී අද (30) ආරම්භ කෙරිණී.
මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (30) පෙරවරුවේදී විවෘත වූයේ, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණියගේ ප්‍රධානත්වයෙනි.
මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සියලුම වෛද්‍ය උපකරණවලින් සමන්විත වන අතර, කොවිඩ් ආසාදිත බවට හදුනාගත් භික්ෂූන් වහන්සේලා අසූ හතරනමක් සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබාදිය හැකි පහසුකම් සහිත කාමර 45කින් යුක්තය.
ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමිපාණන් විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපතිවරයාගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා ශ්‍රම දායකත්වයෙන් දින කිහිපයක් තුළ මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටවූ බව යුධ හමුදාව සදහන් කරයි.
මෙම අවස්ථාව සබැඳි ඡායාරූප මේ සමග ඉදිරිපත් කරනු ලැබේ.








