( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති කොවිඩ් 19 වසංගත සමයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන විධි විධාන ඇතුලත් කොරෝනා වයිරස් රෝගය (කොවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට සූදානම් බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
එම සංශෝධන කමිටු අවස්ථාවේදීම ඉදිරිපත් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් නීතීඥවරයකු ගොනු කල විශේෂ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව දැනුම් දී තිබේ.
මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ඒ.එච් එම් ඩී නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

