කොවිඩ් මැද ලංකාව බලන්න විදෙස් සංචාරකයන් 15,000 ඇවිත්


(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් වසංගත තත්ත්වය පැවතියද විදේශීය සංචාරකයන් පහළොස් දහස් දෙසිය අනූ හතර දෙනකු මේ වසරේ මේ දක්වා කාලයේදී මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙරටට පසුගිය මැයි මාසයේදී පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1500කි.

මැයි මාසයේදී සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ චීනය ඇමරිකාව සහ ජර්මන් යන රටවලිනි.

මෙයට අමතරව පසුගිය අප්‍රේල් මාසයේදී විදේශ සංචාරකයන් 4168 දෙනකු ද මාර්තු මාසයේදී මාසයේදී සංචාරකයන් 4581 දෙනෙකු ද පෙබරවාරි මාසයේදී සංචාරකයන් 3366 දෙනෙකුද ජනවාරි මාසයේදී සංචාරකයන් 1682 ක්ද පැමිණ ඇතැයි එම මණ්ඩලය සඳහන් කරයි.

මේ වසරේ මේ දක්වා කාලයේදී වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ කසකස්ථානය ජර්මනිය ඉන්දියාව හා චීනය යන රටවලිනි.